Headlines

    ඉදිරි දින 10 තුළ බිත්තර ආනයනය අරඹයි

    ඉදිරි දින 10ක් ඇතුළත බිත්තර ආනයනය කිරිමේ කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

    එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බවය.

    දේශීය වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා මිලකට අලෙවි වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය. 

    ඒ අනුව මසකට බිත්තර මිලියන 30 බැගින් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *