කෝවිෂීල්ඩ් එන්නත කියන්නේ මොකක්ද? අතුරු ආබාධ තියෙනවාද? ආසාත්මිකතා ඇතිවෙයිද?

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කෝවිෂීල්ඩ් එන්නත ඉන්දියන් රජයේ පරිත්‍යාගයක් ලෙස ගිය මාසයේ (28 ) දින අප රටට ලැබුණු අතර එම එන්නත ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කර ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන කෝවිෂීල්ඩ් (CoviShield) යන නමින් වෙළඳපලට නිකුත් කරන Oxford-Astrazeneca එන්නතකි.

ඊට පසු දින (29) සිට අප රටෙහි එන්නත්කරණය ඇරඹූ Oxford-Astrazeneca කෝවිෂීල්ඩ් නම් වන එන්නත ලොව පුරා රටවල් අටක මේ වන විට නිෂ්පාදනය සිදුකරයි.වෛද්‍ය පර්යේෂණ ආයතනයෙහි වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසන පරිදි එන්නතෙහි සාර්ථකත්වය පිළිබදව දීර්ඝ ලෙස පරීක්ෂණ සිදුකර ඇති අතර එහි 60% – 80% ක සාර්ථකත්වයක් පවතී.

මෙම එන්නත දැනට ඉන්දියාවේ මිලියන 10ක් ලබාදී ඇති අතර ගිය මාසයේ (29) දින සිට අප රටෙහිද කොවිඩ් මර්දනයට දායක වන සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වල ඉදිරිපෙළ සාමාජිකයන්ට ලබාදෙමින් පවතී.

මෙම කෝවිෂීල්ඩ් එන්නතේ අතුරු ආබාධ තියෙනවාද? ආසාත්මිකතා ඇතිවෙයිද? මෙය අපි කාටත් පවතින ගැටලුවක්..

ඕනෑම එන්නතක් ගැනීමෙන් පසු බොහෝ පුද්ගලයන්ට මද උණ ගතියක් වගේ ඇතිවෙනවා. මෙම එන්නතත් විශාල ගහණයකට ලබාදීමේදී මද උණ ගතියක් වගේ ඉතා සුළු සංකූලතා ඇතිවෙන්න පුළුවවන්..ආසාත්මිකතා ඇතිවෙන පුද්ගලයින්ට එන්නත ලබාගැනීමෙන් පසු තත්ත්වය කෙසේ වෙයිද කියලා දැනගන්න ඕනේ නිසා හැම කෙනෙකුම එන්නත ලබාගැනීමෙන් පසු අදාල ස්ථානයේ පැය භාගයක කාලයක් රදවා තබාගනු ලබනවා.

ඒ අනුව මෙම එන්නතෙහි අතුරු ආබාධ පිළිබදව මෙතෙක් ලංකාවෙන් වාර්තා වී නොමැති බවයි සඳහන් වෙන්නේ.

කෙසේ වෙතත් සෑම පුද්ගලයෙකුටම මෙම එන්නතෙහි මාත්‍රා 02ක් ලබාදෙනවා. පළමු මාත්‍රාව දීලා සති 04කට පසු දෙවන මාත්‍රාව ලබාදෙනවා. එන්නත වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට, ගර්භනී මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට සහ දැඩි අසාත්මිකතා පෙන්වා ඇති පුද්ගලයින්ට ලබා නොදෙන අතර සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මගින් සෑම පුද්ගලයෙකුම එන්නත ලබා ගැනීමට ඇති යෝග්‍යතාවය සලකා බලා ඉන්පසුව එන්නත ලබා දෙනු ලබනවා. ඒ අනුව ඉදිරියේදී සියළු දෙනාට මෙම එන්නත ලබා ගැනීමට හැකියාව ලැබෙන ඇත.

(උපුටාගැනීමකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *