Headlines

    තහනම් කෘෂි රසායනික සමග තිදෙනෙක් අත්අඩංගුවට 

    මෙරටට ගෙන්වීම තහනම් කරන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය පැකට් 500 බැගින් අඩංගු පෙට්ටි 10ක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 475,000කට ආසන්න බවද පොලීසිය පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 39, 45 සහ 55 වයස්වල පසුවන කොළඹ ආශ්‍රිත පදිංචිකරුවන් ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *