Headlines

    ට්‍රම්ප් සහ කමලා අතර විවාදයට දින තීන්දු වෙයි

    අමෙරිකානු හිටපු ජනාධිපති රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් අතර පළමු විවාදය සැප්තැම්බර් 10 වනදා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඩොනල්ඩ් ට්‍රම්ප් සිය X ගිණුමේ සටහනක් තබමින් පසුගියදා පැවසුවේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත එරට ජනාධිපතිවරණයට පෙර ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රතිවාදියා පිළිබඳ විවාද කිරීමට තමා සුදානම් බවය.

    මීට පිළිතුරු දෙමින් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් උත්සවයකට එක්වෙමින් පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග විවාදයට තමා සුදානම් බවත්, ඊට සැප්තැම්බර් 10 වන දින යොදාගත හැකි බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *