Headlines

    මියන්මාරයේ සයිබර් කලාපයෙන් තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

    මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු ඉන් මුදාගැනීමට සමත්ව තිබේ.

    අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස මේ වන විට තායිලන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

    ඔවුන් සියලුදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව සඳහන් ය.

    තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එම පිරිස මෙරටට ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

    මියෙන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු පමණ බලහත්කාරයෙන් රඳවාගෙන සිටි අතර ඉන් අට දෙනෙකු පසුගිය මාර්තු මාසයේ මුදාගනු ලැබීය.

    තවත් ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙකු පමණ මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ රඳවාගෙන සිටින බව වාර්තා වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *