Headlines

    පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද

    ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) වීදි සංචාරය කෙරේ.

    මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර පසුගිය 10 වැනිදා සිට ඊයේ (14) දිනය දක්වා වීදි සංචාරය කෙරුණි.

    අද දිනයේ සිට රන්දෝලී පෙරහැර වීදී සංචාරය සිදුකෙරෙන අතර අවසන් රන්දෝලී පෙරහැර 19 වන දින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේය.

    මේ අතර මරදමඩු දේව මාතාවන්ගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මහා මංගල්‍යය අද උදෑසන පැවැත්වීමට නියමිතව තිබේ.

    මන්නාරම රදගුරු අති උතුම් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් හලාවත රදගුරු අති උතුම් විමල්සිරි ජයසූරිය හිමිපාණන්ගේ සහභාගීත්වයෙන් මෙවර මරදමඩු වාර්ෂික මංගල්‍යය දිව්‍ය පුජාව පැවැත්වීමට නියමිතය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *