ඉදිරි පැය 24ක කාලය සඳහා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (17) පස්වරු 1.00ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (18) පස්වරු 1.00 දක්වා වලංගුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුරව, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුර අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
මේ අතර ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.