Headlines

    ප්‍රදේශ තුනකට ගංවතුර අවදානමක්

    කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිවේදනය කළේය.

    ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවලට අනුව අද පෙ.ව. 9.00 සිට ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    එම නිවේදනයට අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය.

    මේ හේතුවෙන් කුඩා ගඟ හා මඟුර ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ගයන් ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *