Headlines

    පනත් කෙටුම්පත් 02ක් සලකාබැලීමට කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් නම් කරයි

    “පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සලකාබැලීම සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් නම් කර තිබේ.

    කථානායකවරයා අද (21) පාර්ලිමේන්තුවට මේ බව දැනුම්දී ඇත.

    “පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 08 දෙනෙකු අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නම් කර තිබේ.

    ඒ , නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, ජානක වක්කුඹුර, චාමර සම්පත් දසනායක, නීතිඥ චන්දිම වීරක්කොඩි, මනෝ ගනේෂන්, ඉරාන් වික්‍රමරත්න සහ ජගත් කුමාර සුමිත්‍රාආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.

    එමෙන්ම “පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට ද  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 08 දෙනෙකු අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නම් කර තිබේ.

    ඒ, නීතිඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි, කාංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායක, අනුරාධ ජයරත්න, නීතිඥ චන්දිම වීරක්කොඩි, මනෝ ගනේෂන් සහ ඉරාන් වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *