Headlines

    ඉරාන ජනපති ගේ හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව හෙළිවෙයි

    අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩන් වැටීමට හේතුව එරට රජයට සම්බන්ධ පුවත් ඒජන්සියක් සඳහන් කර තිබේ.

    එහි දැක්වෙන්නේ එම යානය අයහපත් කාලගුණය සහ යානය ට එහි බර පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් එය අනතුරට පත්වූ බවයි.

    පසුගිය මැයි මාසයේ සිදුවූ එම අනතුරින් ඉරාන ජනපතිවරයා එම ස්ථානයේදීම මියගොස් තිබුණි.

    එම අනතුර සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණ වලදී යානයට ප්‍රහාරයක් එල්ල වූ බවක් හෝ වෙනත් බාහිර අකටයුත්තක් හෝ සිදුවූ බවක් හෙළි නොවූ බව බලධාරීන් පවසයි.

    එම යානය අසර්බයිජාන් දේශසීමාව ආසන්නයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටෙන විට එහි නියමිත ප්‍රමාණයට වඩා පුද්ගලයින් දෙදෙනෙක් ගමන්කර තිබූ බව අනාවරණය විය.

    කෙසේවෙතත් අදාළ පුවත් ඒජන්සිය නිකුත් කළ මාධ්‍ය වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති ඉරාන බලධාරීන් සඳහන් කරන්නේ එම මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *