Headlines

    දුම්රිය ප්‍රවේශපත්‍රය ඩිජිටල් වෙයි

    මෙරට ප්‍රථම වරට දුම්රිය මගීන්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමට www.pravesha.lk ලෙස නව වෙබ් අඩවියක් හඳුන්වාදීමට රජය කටයුතු කර තිබේ.

    මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ පවසන්නේ කෙටි දුර ගමන් ගන්නා දුම්රිය මගීන්ට සිය ජංගම දුරකථනය භාවිතයෙන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මේ තුළින් මිලදී ගත හැකි බවය. 

    මෙහි පළමු අදියරේදී වාර ප්‍රවේශපත්‍ර හිමියන් ඇතුළත් නොවන නමුත් ඉදිරියේදී වාර ප්‍රවේශපත්‍ර හිමියන් සඳහාද නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *