වසර 14ක කාලයක් පුරා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සමස්ත ක්‍රීඩා පිටියෙන්ම සමුගන්නා බව පෙරෙදා (24) නිවේදනය කළේය.
ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි20 තරග රටා ත්‍රිත්වයේම කැපීපෙනෙන පිතිකරුවෙකු වන, මේ වනවිට 38වන වියේ පසුවන ධවාන්, ජාත්‍යන්තර ලකුණු දස දහසකට (10,867) වඩා රැස්කර ඇත. ඊට ශතක 24ක් හා අර්ධ ශතක 55ක් අන්තර්ගත වෙයි.
2010 වසර්දී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින වරම් හිමිකරගත් ධවාන්, සමුගන්නා විට ඉනිම් 164කදී ලකුණු 6,793ක් රැස්කරගෙන සිටියේය. ඔහුගේ එක්දින දක්ෂතා අතර ශතක 17ක් හා අර්ධ ශතක 39කි.
එමෙන්ම 2011 වසරේදී බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව ජාත්‍යන්තර විස්සයි20 පිටියට අවතීර්ණ වූ හෙතෙම අර්ධ ශතක 11ක් සමගින් ලකුණු 1,759ක් රැස්කරගෙන සිටියේය.
ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් ගෞරවාන්තිම ආකෘතිය වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේද කැපී පෙනෙන්නෙකු වූ ධවාන් 2013 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළේය.
ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 277වැනි ක්‍රීඩකයා වූ ධවාන් එම තරගයේදීම පන්දු 174කට පමණක් මුහුණ දෙමින් ලකුණු 187ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව ඔහු ඉන්දියාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් රැස්කළ 13වැනි ක්‍රීඩකයා ලෙසත් ලොව 97වැනි ක්‍රීඩකයා ලෙසත් වාර්තා අතරට එක්විය.
සමුගන්නා විට ටෙස්ට් ශතක 07ක් හා අර්ධ ශතක 05කට හිමිකම් කියා සිටි ධවාන්, ලකුණු 2,315ක් රැස්කරගෙන සිටියේය.