Headlines

    ජනතාව නොපෙළා ආර්ථිකය හදනවා -නාමල්

    රටේ සාමාන්‍ය ජනතාව නොපෙළා ආර්ථිකය සංවර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භාරගන්නා බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    මාවතගම ප්‍රදේශයේ පැවැති ආසන රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කරන ආසන රැස්වීම් මාලාවේ මාවතගම ආසන රැස්වීම ඊයේ (27) පස්වරුවේ පැවැත්වුණි.

    එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

    “අපි කවදාවත් රටට අහිතකර දේශපාලන තීන්දුවක් අරගෙන නෑ. මං හිතනවා මට තියෙන වගකීම සහ අභියෝගය තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය නවත්තපු තැනින් රට ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියන කාරණය. අද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට හරි අමාරුයි. අසීමිත අසාධාරණ බදු ප්‍රතිපත්තියක් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. එදා ගෝඨාභයගේ ආණ්ඩුව අපි බදු අඩු කළා. අපිට චෝදනා කළා. අපි අදත් විශ්වාස කරනවා මේ රටේ ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරන්න ඕන කියන කාරණය. අපි මේ රටේ ආර්ථිකය හදනවා. ගමේ ආර්ථිකය හදනවා. පොඩි මනුස්සයාගේ ආර්ථිකය හදනවා. ඔබ වෙනුවෙන් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්. “

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *