Headlines

    කොළඹ සහ ගම්පහ සම්පූණයෙන් විවෘත වේ – කොවිඩ්–19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය.

    කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව අද (08) උදෑසන 5.00 සිට හුදෙකලා බවින් ඉවත් කර ඇති බව කොවිඩ්–19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. ඒ අනුව බොරැල්ල පූගොඩ මිනුවන්ගොඩ අම්බලන්තොට උප ප්‍රදේශ කිහිපයක් හුදෙකලාව ඉවත් කර ඇති අතර මෙ සමග අද (08) සිට කොළඹ ගම්පහ සම්පූර්ණයෙන් නිදහස් වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටී. ඒ අනුව,

    බොරැල්ල පොලිස් වසමේ
    ගෝතමීපුර මහල් නිවාසය
    ගෝතමීපුර 24 වත්ත
    ගෝතමීපුර 78 වත්ත
    වේළුවන පාර (දෙමටගොඩ)

    පූගොඩ පොලිස් වසමේ
    කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම

    මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ
    ජුම්මා මස්ජිඩ් මාවත
    හිද්‍රා මාවත
    අලුත්පාර
    අකරගොඩ

    අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
    බෝලාන දකුණ

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *