Headlines

    ෂැනන් ගේබ්‍රියෙල් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

    බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ෂැනන් ගේබ්‍රියෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

    සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සිය සමුගැනීම ප්‍රකාශ කර තිබේ. 

    ඔහු වසර 12කට ආසන්න කාලයක්  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කර තිබුණි.

    එහිදී ටෙස්ට් තරග 59ක්දී කඩුලු166ක් සහ එක්දින තරග 25කදී කඩුලු 33ක් ලබා ගැනීමට ද ඔහු සමත් විය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *