Headlines

    ජපන් සමාගමක් නඩු මගට

    මෙරට පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලකට අදාළව විත්තිකරුවන්ට සිතාසි නිකුත් කරන්නේද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 26 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) නියෝග කළේය.

    ඒ, ගාලු ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා මෙරට ආයෝජනය සඳහා පැමිණි ජපාන සමාගමක් විසින් අයෝජනය කළ අමෙරිකානු ඩොලර් මිලියන 06ක පමණ මුදලක් සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ගොනු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙනි. 

    ජපාන සමාගමක් වන සී.සී. ට්‍රස්ට් පුද්ගලික සමාගම විසින් එම පුද්ගලික පැමිණිල්ල ගොනුකර තිබෙන අතර එය සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තනූජා ජයසිංහ මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

    අදාළ හෝටල් ව්‍යාපෘතිය 2017 වසරේ දෙසැම්බර් මස 03 වනදා අවසන් කරන බවට පොරොන්දුවී තිබුණත් ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට විත්තිකාර සමාගම කටයුතු නොකළ බවත් ඒ තුළින් ඔවුන් අදාළ මුදල් පිළිබඳව සාපරාධි විශ්වාසය කඩ කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රයේ 398 සහ 403 යන වගන්තිවල සඳහන් වැරදි සිදුකර තිබෙන බවත් අදාළ පෞද්ගලික පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

    මෙහිදී පැමිණිලිකාර සමාගම වෙනුවෙන් නිරංජන් අරුල්ප්‍රගාසම්, නන්දන පෙරේරා යන නීතිඥවරු සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය. 

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *