ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය අද පැවැත්වුනි.
එය නම්කර ඇත්තේ ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය නමිනි.
ඊළඟ වසර 10 ඇතුළත දළ දේශීය නිෂ්පාදනය දෙගුණයක් කිරීමට තමන් අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ඔහු පැවසුවේ රට ඩිජිටල්කරණයට ලක් කිරීම තුළින් මෙරට බොහෝ ගැටලුවලට විසඳුම් සොයාගත හැකි බවය.
එමෙන්ම ජාතික හැඳුනුම්පත ඩිජිටල්කරණය මගින් බදු ආදායමද ඉහළ දැමිය හැකි බවත් ඔහු පැවසීය.
රටේ බැංකු පද්ධතියෙන් පිටත ඇති ආර්ථිකය බැංකු පද්ධතිය තුළට පරිවර්ථනය කිරීම තුළින් වසර 3ක් ඇතුළත වංචාව සහ දූෂණය නැමති සටන් පාඨය මැතිවරණ වේදිකාවෙන් ඉවත් කිරීමට තමන් කටයුතු කරන බවත් ඔහු පවසයි.