Headlines

    ජෛව සම්පත් කොල්ල කෑ රුසියානුවෝ

    මෙරටට ආවේනික ජෛව සම්පත් කොල්ලකෑමේ අරමුණින් එක්රැස් කරමින් සිටියදී අත්අඩංගුවට පත් වූ රුසියානු ජාතිකයන් දෙදෙනා හෙට (03) දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

    මෙම රුසියානුවෝ නකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වී සිටියදී ඉකුත් 28 වනදා වනජිවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඉන් අනතුරුව ඔවුන් අද (02) දින ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, හෙට දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

    මෙම සැකකාර රුසියානුවෝ ඉකුත් 19 වෙනිදා දිවයිනට පැමිණ එම වනාන්තර වෙත ගොස් මෙරටට ආවේනික මෙන්ම වදවීමේ තර්ජනයට ලක් වී ඇති උභය ජිවීන්, උරගයින් ඇතුළු සත්ත්ව විශේෂ 197ක් පමණ අල්ලා සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක කාමරයක සඟවා සිටියදී අත්අඩංගුවට පත්වූහ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *