Headlines

    ඊශ්‍රායලයේ දැවැන්ත උද්ඝෝෂණයක්

    ඊශ්‍රායලයේ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ඇති බව වාර්තා වෙයි. ඊට 500,000ක පමණ ජනකායක් එක්වී සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

    එම උද්ඝෝෂණය පවත්වා ඇත්තේ හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට කටයුතු කරන ලෙස එරට රජයට බලකරමිනි.

    පසුගියදා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙක් ව හමාස් සංවිධානය විසින් රෆා හි උමඟක දී ඝාතනය කර තිබුණි.

    ඒ අතර කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි 4 දෙනෙක් විය.

    තවත් ප්‍රාණ ඇපකරුවන් 100ක් පමණ හමාස් භාරයේ සිටින බවත් ඉන් 30 දෙනෙක් පමණ මියගොස් ඇති බවත් සඳහන් ය.

    ටෙල් අවීව්, ජෙරුසලම් සහ අනෙක් ප්‍රධාන නගර වල එම උද්ඝෝෂණ පැවැත්වුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *