Headlines

    බස් ගාස්තුව ගැන ගත් තීරණය

    ඉන්ධන මිල අඩු වුව ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

    එහි සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කළේ, ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට ප්‍රමාණවත්  ඉන්ධන මිල අඩුවීමක් සිදුව නොමැති බවය.

    පසුගිය 31 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින්ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ද අඩු කිරීමට පියවර ගෙන තිබුණි.

    එමෙන්ම ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 12 කින් සහ ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් පහත දැමීමට කටයුතු කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *