Headlines

    පඩි වැඩි කිරීමට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි

    රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමේ තීරණය ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

    එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඒ බව සඳහන් කළේය.

    රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “මේ තීන්දුවල දේශපාලන භාවය සහ මැතිවරණයට මේක කොයි විදියට බලපායි ද කියන එක ප්‍රශ්නයක්.” යනුවෙනි.

    මේ අතර රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පිළිබඳව සමගි ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමුකර තිබේ. 

    එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ එය ජනාධිපතිවරණ ඡන්ද විමසීම් පනත උල්ලංඝනය කරමින් යොමුකර ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *