ලෝකයෙන් තුරන් වූ බවට ලෝක රතු දත්ත නාමවලියේ පවා සඳහන්ව තිබූ පඬු කරඳ හෙවත් “කෲඩියා සිලනිකා“ නම් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ ශාකය අධිවේගී මාර්ගයට බිලිවන ලකුණු? – පරිසරවේදීන් චෝදනා කරයි.

ගම්පහ දාරළුව දුම්රිය ස්ථානයේ පිහිටි වන ලැහැබකින් හමුවූ පඬු කරඳ හෙවත් “කෲඩියා සිලනිකා“ නම් ගස පිහිටා ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේය. ලෝක රතු දත්ත නාමවලියේ පවා සඳහන්ව තිබූ මෙම ශාකය ඊයේ (08) දිනයේ මාර්ග සංවර්ධනයේදී එම ගස ඉවත් කිරීමට යන බවට සැලවීමත් සමග ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මියගේ මැදිහත්වීමෙන් එය නතර කෙරුණි.

එම ස්ථානයේ මෙම ගසට අමතරව වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇති ශාක 05ක් සහ ආරක්ෂිත ලැයිස්තුවේ ඇතුළත් ශාක වාර්ග 05ක් ඇතුළත් බව ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය පවසයි . මේ සම්බන්ධයෙන් මහමාර්ග අමාත්‍යංශයේ ලේකම් W.R. පේමසිරි මහතා පැවසුවේ මෙම ගස කපා නොදමා, ගලවා වෙනත් ස්ථානයක රෝපනය කිරීමට කටයුතු කර බවය.

Tree

“ලෝකේ මේ වර්ගේ තියෙන අවසානම ශාකය මේක වෙන්න ඇති.වෙන රටක උනා නම් වෙනම ආරක්ෂිත ක්‍රම දාලා ඒ ගස රැක ගන්න හදයි.
කරුමෙට ගහ තියෙන්නේ මැටි මොල තියෙන පාලකයෝ ඉන්න රටක..😓
ඊයේ කිසිම පාරිසරික වාර්තාවක් තුට්ටු දෙකට ගනන් ගන් නැතුව ගහ වටේම ඩෝසර් කරලා.දේවානි ජයතිලක මහත්මියගේ මැදිහත් වීම මත යන්තම් ගහ බේරගන්න පුලුවන් වෙලා තියෙනවා..

ඉදිරියේදි මේ ස්ථානය හරහා අධිවේගී මාර්ගය යන නිසා මේක ගලවලා වෙන තැනට හිටවන්න සූදානම් වෙනවා.මෙච්චර කාලයක් උන දේවල් දිහා බැලුවම කියන්න තියෙන්නේ ඒක මේ ගහේ අවසානය වේවි කියලා තමයි.

අධිවේගී මාර්ග රටක සංවර්ධනය වෙනුවෙන් අවශ්‍යයි.ඒත් මේ ගහ රැකගන්න ඒ සැලැස්ම ඒ හරියෙන් පොඩ්ඩක් වෙනස් කරන්න පුලුවන්.ලෝකේ රටවල් පරිසරය වෙනුවෙන් ඒක කරනවා.ප්‍රශ්නේ කියන්නේ අපේ අයට ඔක්සිජන් ඕන නෑ.කොමිස් කාලා බුදියගත්තම ඇති උන්ට.

හැමදාම කොහේ හරි රක්ෂිතයක් කැපෙන එකක් දාන්න වෙලා තියෙනවා.ඒ හුගක් ඒවගේ පිටුපස්සෙ දේශපාලකයෙක් ඉන්නවා.මිනිස්සු චන්දෙ දුන්නම උන් මේ මහපොළොව උන්ගේ බූදලයක් කරන්.උන්ට ඕන උනාම කපනවා,උන්ට ඕන උනාම විකුණනවා

රටක පාලකයන්ගෙන් පරිසරය බේර ගන්න දැන් මිනිස්සුන්ට සටන් කරන්න වෙලා.ඒක මහාම ඛේදවාචකයක් ✍️

මේවට විරුද්ධව හැම එකාම විරෝධය දක්වපල්ලා.උඹට පුලුවන් එක පෝස්ට් එකක් දාන එක නම් ඒකත් කරපන්.හුගක් තීරණ ජන මතය එක්ක රිවස් වෙනවා.

මේ පොළොව අපේ දෙවෙනි අම්මා.පක්ෂ වල කාල කණ්ණි පාට කණ්නාඩි ගලවලා ඒ අම්ම රැකගන්න එකතු වෙයල්ලා..”

සංජය ප්‍රදීප් Green Project Api (සාමාජ ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

කෙසේ වෙතත් ක්‍රොඩියා සෙයිලනිකා දුර්ලභ ශාකය කපා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.ඊයේ (08) ගාල්ල රූමස්සල සොබා කෙත පරිසර කේන්ද්‍රයේ පැවති රුක් රෝපණ වැඩසටහනකදී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *