Headlines

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භවූ අතර එය අද (12) මධ්‍යහ්න 12න් අවසන් කෙරුණි.

    ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 09ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා පත්‍ර භාරදී තිබුණි.

    1. ජනසෙත පෙරමුණ 
    2. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 
    3. සමගි ජන බලවේගය 
    4. පොදුජන එක්සත් පෙරමුණ
    5. පොදුජන එක්සත් නිදහස් සන්ධානය 
    6. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය 
    7. ජාතික ජන බලවේගය
    8. ජාතික ජනතා පක්ෂය 
    9. දෙවන පරපුර පක්ෂය

    මෙම මැතිවරණයට අදාළව පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 2ක් ඇප මුදල් තැන්පත් කර තිබුණි.

    ඒ අතරින් අද (12) දිනය තුළ පිළිගත් දේශපාලන පක්ෂ 9ක් සහ ස්වාධීන කණ්ඩායම් 2ක් නාමයෝජනා පත්‍ර භාරදුනි.

    එම නාමයෝජනා පත්‍ර අතරින් පිළිගත් දේශපාලන පක්ෂ 8ක සහ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පත්‍ර පිළිගෙන තිබුණි.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා,

    “කේ. ජී චමින්ද ප්‍රසාද් උදයකුමාර මහතා නායකත්වය ලබාදුන් ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය සහ තවත් පක්ෂයක් ඉදිරිපත් කර තිබූ නාමයෝජනා පත්‍රයක් මෙහිදී ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

    “ඒ අනුව භාරගත් නාමයෝජනා පත්‍ර අතරින් දෙවන පරපුර ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ යම් අපේක්ෂකයන් කිහිපදෙනෙකුගේ දිව්රුම් ප්‍රකාශවල අඩුපාඩු නිසා අපේක්ෂකයෝ 3 දෙනෙකුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.” 

    “ඒ වගේම ජාතික ජනතා පක්ෂයේ අපේක්ෂකයින් දෙදෙනෙකුගේ (ඔවුන්ගේ නාමයෝජනා) නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබුවා.”  

    “ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 8ක සහ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පත්‍ර සම්පූර්ණයෙන්ම භාරගනු ලැබුවා.”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *