සාමාන්‍ය පෙළ විභාගය විභාගය අවසන් වීමෙන් පසු බස්නාහිර පළාත් පාසල් ආරම්භ කිරීමට තීරණය කෙරේ – මාර්තු 15 පාසල් ආරම්භය වේ.

පළමු ශ්‍රේණියේ සිට බස්නාහිර පළාතේ සියලු දිස්ත්‍රික්කවල පාසල් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව,සාමාන්‍යපෙළ විභාගය අවසන්වීමෙන් පසු මාර්තු 15 දින ආරම්භ කිරීමට කටයුතු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව මාර්තු 01 දා සිට 11 වන දා තෙක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, මාර්තු 15 වැනි සඳුදා සිට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව බස්නාහිරි පළාතේ සියලු පාසල් සියලුම ශ්‍රේණි සඳහා විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය . පෙබරවාරි 15 සිට දිවයිනේ සියළු පාසල් විවෘත කිරීමට තීරණය කර තිබුණද බස්නාහිර පළාතේ කොළඹ , ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු නිර්දේශ ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගියදා(08) විමසන ලදී.

එම කමිටු වල ලැබුණු අදහස් අනුව බස්නාහිර පළාතේ බොහොමයක් පාසල් විවෘත කිරීමට තීරණය කලද ඒම තීරණ ක්‍රියාවට නැංවිය හැක්කේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසන් තීරණය මතයි. ඒ අනුව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ තීරණය අනුව බස්නාහිර පළාත් පාසල් විවෘත කිරීම වඩාත් උච්ත බවට තීරණය වී තිබේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල් ද මාර්තු 15 දිනයි. පළමු ශ්‍රේණියට එක් වන දරුවන්ටද එදින පාසල් විවෘත කෙරෙන බව මෙහිදී සඳහන් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *