Headlines

    ආසියාවේ දියුණුම රට බවට පත්කරනවා – නාමල්

    පක්ෂ මාරු කරන දේශපාලන ක්‍රමය අහෝසි කිරීම සඳහා නීති සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ අම්පාර ප්‍රදේශයේ ඊයේ (14) පස්වරුවේ පැවති ආසන රැස්වීමකදීය. 

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා,

    “අද මේ පිල්මාරුව ගැන බොහෝ අය කථා කරනවා. නායකයෝ ඉන්න පැති හොයාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මා එක්ක අමනාප වෙන එකක් නැහැ සැලුන්දොර සම්බන්ධයෙන්. ඒ සැලුන්දොර අරින්නද? වහන්නද ? ඒකට අපි නීති සම්පාදනය කරනවා.  කිසිම දේශපාලන පක්ෂයකට පක්ෂ මාරු කරන දේශපාලනයට තිත තියන්න අවශ්‍ය නීති සම්පාදනය කරන්න මම පිහිටුවන ආණ්ඩුවකින් කටයුතු කරනවා කියන එක ඔබට කියනවා. මම වගකීමෙන් කියන්නේ එදා නැවතුණු සංවර්ධනය තුන් ගුණයකින් ඉදිරියට යනවා විතරක් නෙමෙයි ආසියාවේ දියුණුම රට බවට පත්කරනවා.”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *