අද දින (10) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 976 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 975 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (09) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 05 ක් වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ කපුලියද්ද ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක්, මොරටුව ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කැටන්වල පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්, කුරුණෑගල පදිංචි 73 හැවිරිදි පුස්ගයෙක් හා අනුරාධපුර පදිංචි 74 හැවිරිදි කාන්තාවක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 370 දක්වා ඉහල ගොස් ඇත.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 71,211
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 65,053
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 5,788
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 370
https://www.hpb.health.gov.lk/ (Accessed feb-10-2021 12.00 p.m IST)