Headlines

    ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් සහ කොමිසමේ සාමාජිකයින් අතර හමුවක්

    ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ තිබෙන විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවත් අද පැවැත්වීමට නියමිතව තිබේ.

    අද (17) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

    ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව ද මෙය වේ.

    නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය හෙවත් ඇන්ෆරල් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් මෙම සාකච්ඡාවට සහභාගී වනු ඇත.

    මෙම නිරීක්ෂකයින් හෙට දිනයේ සිට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යෑමට නියමිත බැවින් ඔවුන් මෙලෙස අද දිනයේ දී මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් හමුවීමට නියමිතය.

    මේ අතර ජනාධිපතිවරණ සමයේ අවසන් සතිය තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම ඉතා අත්‍යාවශ්‍ය බව පැෆ්රල් සංවිධානය පවසයි.

    එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, ඇතැම් සාවාද්‍ය කාරණා සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇතිකර ගත නොගත යුතු බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *