ජපානය හා ශ්‍රී ලංකාව කරුණු සමාලෝචනය කොට සමකාලීන වශයෙන් අදාළ වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම හා ආර්ථික සහයෝගිතාවය පුළුල් කිරීම සඳහා ජපන් හා ශ්‍රීලංකා තානාපති කාර්යාල ඉහළ නිළධාරීන් විසින් එකඟ වන ලදී.
ඊයේ (10) දින අතථ්‍ය ලෙස පැවති වීඩියෝ සාකච්චාවේ ශ්‍රී ලංකා – ජපාන ප්‍රතිපත්ති සංවාදයේ දෙවැනි වටය විදේශ අමාත්‍යාංශ දෙකේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මට්ටමින් මෙම එකඟතාවට පැමිණි ඇත.ශ්‍රී ලංකාව සහ ජපානය අතර වාර්තාගත දේශපාලන හා සංස්කෘතික අන්තර්ක්‍රියාකාරිත්වයේ ශක්තිමත් පදනම පිළිබඳව සිහිපත් කරමින්, දෙපාර්ශ්වයම ජාතික, කලාපීය හා ජාත්‍යන්තර මට්ටම්වල ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා රාශියක් පිළිබඳව සාකච්ඡා කළ අතර, දෙරටේ පොදු අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට තීරණය කරන ලදී.
මෙහිදි දෙරට අතර වාර්තාගත දේශපාලන හා සංස්කෘතික අන්තර් ක්‍රියාකාරීත්වයේ ශක්තිමත් පදනම පිළිබඳව සිහිපත් කරමින් දෙපාර්ශවයම ජාතික කලාපීය හා ජාත්‍යන්තර මට්ටම්වල ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා පිළිබඳව ද සාකච්ඡා කර ඇත.එමෙන්ම බහුපාර්ශවීය වේදිකාවල සමුද්‍රීය සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහයෝගය වැඩිදියුණු කිරීම සඳහා වන ඒකාබද්ධ ප්‍රයත්නයන් අඛණ්ඩව සිදුකිරීමට ද මෙහිදී දෙපාර්ශවයම එකඟතාවකට පැමිණ තිබේ.
විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ශ්‍රී ලාංකික දූත පිරිසට නායකත්වය ලබා දුන් අතර, ජපානයේ විදේශ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අමාත්‍ය මොරි ටකෙයෝ මැතිතුමා ජපාන පාර්ශ්වය මෙහෙයවන ලදී.