Headlines

    ගතවූ පැය 24 තුළ වාර්තා වූ මැතිවරණ පැමිණිලි ගණන

    ජනාධිපතිවරණය සඳහා වාර්තා වූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

    මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ සමස්ත පැමිණිලි සංඛ්‍යාව 5551ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

    මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ සිදුවූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 337ක් ලෙස වාර්තා වී ඇත.

    මින් වැඩිම පැමිණිලි සංඛයාවක් වාර්තා වී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 336කි.

    ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් 4929ක් මේ වන විට විසඳා ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *