Headlines

    ඡන්දය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාව අදත්

    ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලායන ජනතාවට අද (21) දිනයේදී ද බස් රථ යෙදවීමට පියවර  ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ උදෑසනම පැමිණ සිය ගමනාන්ත වෙත ගමන් කිරීමට පියවර ගන්නා ලෙස මගී ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

    මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ අද දිනයේ ලංගම බස් රථ 3300ක් ද ධාවනයට එක් කරන බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *