මියන්මාර විරෝධතාවයේ වෙඩි වැදුනු කාන්තාව ජීවිතයත් මරණයත් අතර සටන් කරයි – කුමන්ත්‍රණයට එරෙහිව දස දහස් ගණනක් වීදි උද්ඝෝශණ වලට සහභාගී වෙයි.

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් හිසට වෙඩි වැදී ඇති කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නේ යැයි BBC පුවත් සේවය වාර්තා කරයි.

පසුබැසීම ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන්ට එරෙහිව අඟහරුවාදා පොලිසිය නයි පයි ටව් හි ජල කාලතුවක්කුව භාවිතා කර ඇත. රබර් උණ්ඩ භාවිතා කිරීමට පෙර අනතුරු ඇඟවීමේ වෙඩි අහසට වෙඩි තැබූ බව වාර්තා වන අතර වෛද්‍යවරු පසුව පවසා ඇත්තේ සජීවී පතොරම් වලින් විරෝධතාකරුවන්ට පහර දී ඇති බවයි.

20 හැවිරිදි මියා ට්වේ ට්වේ ඛයිං අඟහරුවාදා ජල තුවක්කු, රබර් උණ්ඩ සහ සජීවී උණ්ඩ යොදා ගනිමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය උත්සාහ කිරීම නිසා තුවාල ලබා ඇති බව වාර්ථා වේ. මෙම තුවාලය සජීවී පතොරම් වලින් එකකට අනුරූප වූ බව විදෙස් මාධ්‍ය වර්තා සඳහන් කරයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බිඩෙන් ප්‍රකාශ කර ඇත්තේ කුමන්ත්‍රණයට වගකිව යුත්තන්ට තම රජය සම්බාධක පනවන බවයි. ඒ අනුව සම්බාධක මගින් හමුදා නායකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහ ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන බව බිඩෙන් මහතා පැවසීය.

පොලිසිය බලහත්කාරයෙන් යෙදවීම වැඩි කිරීම නිසා බරපතල තුවාල සිදුවී ඇති බවට වාර්තා වී ඇතත් මෙතෙක් කිසිදු මරණයක් සිදුවී නොමැතs බව BBC පුවත් සේවය වාර්තා කරයි.

මේ අතර, නැගෙනහිර කායා ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් දුසිම් ගණනක් විරෝධතාකරුවන් සමඟ එක් වී ඇති බව වාර්තා වේ. ඒ අනුව මියයන්මාරය‍ෙහි ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ආන්ග් සැන් සූ කීගේ ආණ්ඩුව පෙරළා දැමූ පසුගිය සතියේ සිට එම කුමන්ත්‍රණයට එරෙහිව දස දහස් ගණනක් වීදි උද්ඝෝශණ සහභාගී වී ඇත.

BBC News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *