ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (1) වන අනු ව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රවී සෙනවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කොට ඇත.
රවී සෙනවිරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ඒ මහතා විශේෂ කාර්ය බළකායේ ආරම්භක සාමාජිකයෙකි.
එසේම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, තායිලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු පළමු ලේකම් හා ඉන්ටර්පෝල් ශ්‍රී ලංකා ශාඛාවේ හිටපු ප්‍රධානී ලෙසද ඔහු කටයුතු කර ඇත.