Headlines

    ජපානයේ නව අගමැති ඉෂිබා

    ජපාන හිටපු ආරක්ෂක අමාත්‍ය ෂිගෙරු ඉෂිබා එරට නව අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුව හමුවේ තේරිපත්ව තිබේ.

    ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා වෙනුවට පත් වූ ඔහු 67 හැවිරිදි පුද්ගලයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ජපාන මහ මැතිවරණය ලබන ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වීමට නව අගමැතිවරයාගේ සැලසුමයි.

    ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා එරට පාලක පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වයෙන් පසුගිය දා ඉවත්විය.

    ටෝකියෝ හිදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු නිවේදනය කළේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පාලක පක්ෂයේ මීළඟ නායකත්ව ඡන්දයට තමන් ඉදිරිපත් නොවන බවය.

    67 හැවිරිදි කිෂිඩා 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී පාලක පක්ෂ නායකත්වයට පත්වූයේ තෙවසරක අගමැති කාලයක් ද සමඟින් ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *