Headlines

    අමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

    එහිදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා වී ඇති බව සඳහන් ය. 

    එසේම, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳවද එහිදී විශේෂ අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *