Headlines

    ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවෙයි

    මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ,ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩි වන පරිසරයකදී වුවද ලිට්‍රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවය.

    මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කළ බැවින් පාරිභෝගික ජනතාවට සහන සැලසීමට හැකිවූ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් දන්වා සිටී.

    මේ අනුව 2024 ඔක්තෝබර් මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වෙයි.

    ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහත දක්වා ඇත.

    කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690කි. කිලෝගෑස් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් වෙයි. කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල්  694කි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *