Headlines

    මුහුදු නොයන්න යැයි ධීවරයන්ට උපදෙස්

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70ත් දක්වා වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත්, කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ දැක්වේ.

    එම රළ ගොඩබිමට එන රළ උස නොවන බවද එහි සඳහන්ය.

    කෙසේ නමුත් මෙම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *