Headlines

    ඉන්දීය දේශපාලනඥයෙක් ව ඝාතනය කෙරේ

    ඉන්දියාවේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් ව වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    පාලක භාරතීය ජනතා පක්ෂය හා සම්බන්ධ දේශපාලනඥයෙක් වූ බාබා සිදික් ව ඔහුගේ පුත්‍රයාගේ දේශපාලන කාර්යාලය අසලදී වෙඩිතබා ඝාතනය කර තිබුණි.

    66 හැවිරිදි සිදික් ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගෙන ඇත.

    හිටපු ප්‍රාදේශීය අමාත්‍යවරයෙක් වන සිදික් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රමුඛ පෙළේ දේශපාලඥයෙකි. එම ප්‍රාන්ත මැතිවරණය ලබන මස පැවැත්වීමට නියමිතය.

    පසුගිය පෙබරවාරි මාසයේදී ඔහු ඉන්දීය ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයෙන් ඉවත්වී ඊට සම්බන්ධයක් නොමැති ජාතික කොංග්‍රස් පක්ෂය හා සම්බන්ධ විය.

    ජාතික කොංග්‍රස් පක්ෂය පාලක භාරතීය ජනතා පක්ෂය හා සම්බන්ධය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *