Headlines

    දුම්රිය ප්‍රමාදයක් – මගීන්ට දැනුම්දීමක්

    කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අද (15) පෙරවරු 7ට පමණ මඩකලපුව සිට කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර දුම්රියේ එංජිම මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවය.

    මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව සඳහන්ය.

    ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *