මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් – 19 වැළැක්වීමේ එන්නත ලබා දීම මුදල් හා සම්පත් අපතේ යැවීමක් – දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය

මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් – 19 වැළැක්වීමේ එන්නත ලබා දීම මුදල් හා සම්පත් අපතේ යැවීමක් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ ඊයේ (12) දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.

Smoke Death

ඒ අනුව දුම් පානයට ඇබ්බැහිවූවන්ගේ පෙනහළු අක්‍රීය වීම සිදුවන නිසා එය ඔවුන්ගේ ස්වස්න පද්ධතියට බලපෑම් කරන අතර කොවිඩ් – 19 ද ස්වසන් පද්ධතියට බලපෑම් කරන රෝගී තත්වයකි. එම හේතුවෙන් දුම්පානයට ඇබ්බැහිවූවන් කොවිඩ් – 19 රෝගයට ගෙදුරු වීමේ වැඩි අවදානම නිසා ශවුන් දැඩිසත්කාර ඒකක හා මරණ වලට ගොදුරුවීමේ වැඩි අවදානම හේතුකොට ගෙන මෙය සඳහන් කර ඇති බව වාර්තා වේ.

තව ද එන්නත ලබා ගැනීමෙන් අවම වශයෙන් මාස 6ක් යනතුරු හෝ මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වැළකී සිටිය යුතු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *