Headlines

    ඇල්පිටිය තැපැල් ඡන්දය අදින් අවසන්

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අදට (18) යෙදී තිබේ.

    මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මෙතෙක් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින්ට ඒ සඳහා අද දිනයේ අවස්ථාව සලසා දී ඇති බවය.

    ඒ අනුව තමන්ගේ සේවා ස්ථානයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ සියලුම තැපැල් ඡන්ද දායකයින් තමන්ගේ ආයතනය නියෝජනය කරන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරියා ඉදිරියේ තමන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාව ලබා ඇති බවද ඔහු පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *