Headlines

    ලොහාන් රත්වත්තේ ගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුර හමුවෙයි

    හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුර මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ දී හමුව තිබේ.

    ඔහුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවත් එ් අසල තිබී ගිනි අවියක් ද සොයාගත් බව පොලීසිය පවසයි.

    ඒ අනුව මෙම ඝාතනයක් ද නැතිනම් වෙඩිතබාගෙන සියදිවි නසාගැනීමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

    මෙම පුද්ගලයා 49 හැවිරිදි කටුගස්තොට වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව වාර්තා වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *