Headlines

    ඊශ්‍රායල අගමැතිගෙන් හිස්බුල්ලා සංවිධානයට රතු එළි

    හිස්බුල්ලා සංවිධානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තමන් සහ බිරිඳ ඝාතනය කිරීමට තැත් කිරීම, බරපතල වරදක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

    සිය රටේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා සතුරු බලවේගවලට එරෙහිව සිදු කරන යුද්ධය ක්‍රියාත්මක බව එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ය.

    ටෙල් අවිව් නුවර සෙසරියා ප්‍රදේශයේ පිහිටි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පෞද්ගලික නිවසට ඊයේ (19) ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වුණි.

    හිස්බුල්ලා සංවිධානය එම ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා හෝ පවුලේ සාමාජිකයින් නිවසේ සිට තිබුණේ නැත.

    එම අවස්ථාවේ ම ලෙබනනයේ සිට ඊශ්‍රායලයට තවත් ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල කර තිබුණි.

    ඊට ප්‍රතිප්‍රහාර ලෙස ලෙබනන අගනුවරට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර 12ක් පමණ එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

    මේ අතර උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා නගරයේ නේවාසික ගොඩනැගිලි කිහිපයකට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් තිබේ.

    විදුලි සංදේශ සහ අන්තර්ජාල සේවා දෙවන දිනටත් කපා හැරීම හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *