අද දින (14) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 796 දෙනෙකු හදුනාගෙන ඇති අතර එම සියළුදෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (13) දිනය තුළ පමණක් පුද්ගලයින් 7,457 දෙනෙකුට එන්නත ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 186,654 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදී ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 06 ක් වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ ණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි කාන්තාවක්, හබරාදූව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි කාන්තාවක්, මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නාරංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 390 දක්වා ඉහල ගොස් ඇත.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 74,852
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 67,831
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 6,637
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 390
https://www.hpb.health.gov.lk/ (Accessed feb-14-2021 9.15 a.m IST)