Headlines

    ගම්මන්පිලගේ වුවමනාව ඇමති විජිත හෙළිකරයි – කමිටු වාර්තාව රජය පිළිගන්නේ නැති බවත් කියයි

    කිසිදු අවස්ථාවක රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වර්තමානයේ සිටින තනතුරුවලින් ඉවත්කිරීමට රජය සුදානම් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, පාස්කු කමිටු වාර්තාවක් උපුටා දක්වමින් අදාළ නිලධාරීන් දෙදෙනාව ඉලක්ක කර ඇත්තේ, ඔවුන් දෙදෙනා වර්තමානයේ දරන තනතුරු ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය මත බව අමාත්‍යවරයා කියා සිටියේය.

    අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා අපක්ෂපාති පරීක්ෂණයක් එම නිලධාරීන් දෙදෙනා අතීතයේ සිට සිදුකළ බවය.

    පාස්කු වින්දිතයින් පවා එම නිලධාරීන් දෙදෙනා අපක්ෂපාති බව හොඳින් දන්නා බවත්, විවිධ අවශ්‍යතා ඇති අයට ඔවුන්ව තනතුරුවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇතැයි ද විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    ප්‍රශ්නය – අපරාධයකට ළඟින් හෝ යන අයෙක් යම් තනතුරකට පත්කර නීති කටයුතු සිදුකරන්නේ නෑනේ. ඔබතුමා හිතන්නේ නැද්ද මේ පත්කිරීම නොකර මේක ඉවර කරලාම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වෙනත් නිලධාරීන් පත්කරලා, මේක කරගෙන යන්න තිබුණා කියලා. 

    “ඉතා පැහැදිලිවම මේ පරීක්ෂණ අපක්ෂපාතිව පවත්වාගෙන ගියේ එවකට CID හිටපු රවී සෙනෙවිරත්න මහතා සහ ශානි අබේසේකර මහතා ඇතුළු කණ්ඩායම. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණා පළමු දඩයම කළේ ශානි අබේසේකරව එතැනින් ඉවත් කළ එක. ඒක අපි දන්නවා. පරීක්ෂණවලට බාධා කළේ දේශපාලන අධිකාරිය. අපි එහෙම බාධා කරන්නේ නෑ. අපි පරීක්ෂණ කරගෙන යනවා. ඔය පරීක්ෂණ කරන්නේම ඔතැනින් මේක ගලවන්න. ගම්මන්පිල ප්‍රශ්න කරන එකේ වාර්තාවේ විවිධ අයගේ නම් තියෙනවා. ඒ අය ගැන ගම්මන්පිල ප්‍රශ්න කරන්නේ නෑ. ගම්මන්පිලට ඕනේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නව මෙතැනින් ඉවත් කරන්න. අපි ඒක කරන්නේ. ඒ වුවමනාවට අපි යටවෙන්නේ නෑ…”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *