අම්බර් කිලෝග්‍රෑම් 10ක් සමග පුද්ගලයෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් රාගම ප්‍රදේශයේදී අද (25) අත්අඩංගුවට ගනු ලැබීය.
ගුවන් හමුදා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
‘දුර්ලභ තල්මස් වමනය’ ලෙසින් හඳුන්වනු ලබන මෙම අම්බර්ග්‍රිස් තොගයේ වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ බව පොලීසිය පැවසීය.