Headlines

    වත්මන් ජනපති සහ තමන් අතර වෙනස සසඳන රනිල්

    තමන් මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද බහුතරයක් නැති ජනාධිපතිවරයෙක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

    මීගමුව ප්‍රදේශයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පැවැත් වූ ජන හමුවකට අද (27) පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    “දාලා තියෙන ලැයිස්තුව ඇහුවොත් එතුමාගේ ආණ්ඩුව මාස තුනක් තියා සති තුනක් යන්න පුළුවන්ද කියලා මන් දන්නේ නෑ.  පලපුරුදු අය ඉන්න ඕනේ රට වෙනුවෙන්. අපි කියන්නේ පලපුරුදු අපේ අය දාන්න කියලා. බහුතරයක් දෙන්න පාර්ලිමේන්තුවට රට ගෙනියන්න. එතුමාට අවුරුදු තුනක් හරි යන්න පුළුවන් බහුතරයක් හිටියොත් විතරයි “.

    “මට කියනවා පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්න කියලා. ඒ කියන්නේ මම පැරදුණා, මම පිළිගන්නවා ඒක. මම ජනාධිපතිවරණයට ආවා, ඡන්දේ ඉල්ලුවා. බහුතරය මට ඡන්දේ දුන්නේ නෑ.  ඉතින් මම පැරදිලා. ඒත් බහුතරයක් එතුමාටත් දුන්නේ නෑනේ.  51%ක් හම්බුනේ නෑ. මොකක්ද එතුමාගෙයි මගෙයි වෙනස. මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති. එතුමාටත් නෑ. මටත් නෑ. එච්චරයි තියෙන්නේ. මොකක්ද විශේෂත්වය. අපි දෙන්නම එකට ඉන්නේ.”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *