රංජන් රාමනායක මහතා නායකත්වය දරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය අවසන් වීමෙන් පසු සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිරිපිට ඊයේ (27) නොසන්සුන් තත්ත්වයක් හට ගැනුණි.
ඒ, සම්මේලනයට සහභාගී වූ තරුණ තරුණියන් දෙසියකට අධික පිරිසක් එම පක්ෂය තමන්ට පොරොන්දු වූ පරිදි මුදල් නොගෙවූ බවට චෝදනා කරමිනි.
මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් ‘අද දෙරණ’ විමසීමක් සිදු කරනු ලැබීය.
එහිදී පොලීසිය පැවසුවේ පොලීසිය මැදිහත් වී එම ස්ථානයේ රැඳි සිටි තරුණ තරුණියන් 200ක් පමණ පසුව ඔවුන්ගේ නවාතැන් වෙත පිටත් කර හැරිය බවය.



