Headlines

    වීසා නැතුව හිටපු රුසියන් ජාතික යුවළක් මාට්ටු

    ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙටර රැඳි සිටි රුසියන් ජාතික යුවළක් මහනුවර සංචාරක පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (26) සවස් කාලයේදී මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේදී එම යුවළ අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 32ක් වන රුසියන් ජාතිකයන් බව පොලීසිය පවසයි.

    අත්අඩංගුවට ගත් මෙම විදේශීය යුවළ මහනුවර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *