Headlines

    ආරුගම්බේ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් බාරදෙයි 

    ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් අද (29) විමර්ශන නිලධාරින් විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කළේය.

    එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දී ඇත්තේ මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්‍ෂණ සිදු කරන බවය.

    එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.

    මෙරට විදේශ සංචාරකයින් බහුල වශයෙන් රැඳී සිටි ප්‍රදේශයක් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පවතින්නේ යැයි ලැබුණු තොරතුරු අනුව සිදුකළ විමර්ශනවලට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවද ත්‍රස්ත විමර්ශන කාර්යාංශය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *