Headlines

    වරායේ සිට කොලොන්නාවට ඉන්ධන රැගෙන එන නළයක කාන්දුවක්

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව නිමාවේ ඉන්ධන නළයක් පුපුරායෑම හේතුවෙන් මේ වනවිට ස්ථාන කිහිපයකින් ඉන්ධන කාන්දු වෙමින් තිබේ.

    කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන යන දුම්රිය මාර්ගය අසල පිහිටා තිබෙන නළයකට මෙලෙස හානි සිදුවී ඇති අතර එය JET A1 නමැති ගුවන් යානා සඳහා භාවිත කරන ඉන්ධන ප්‍රවාහනය කරන නළ මාර්ගයකි.

    කොලොන්නාව නිමාවේ නිලධාරීන් සිදුකළ ස්ථානීය පරීක්ෂාවේදී  නිරීක්ෂණය වී ඇත්තේ මෙම නළය මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති බවය.

    මෙම ඉන්ධන නළය ආශ්‍රිත ප්‍රදේශයේ වෝට් 33,000ක අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් සහ නිවාස ද පිහිටා ඇත.

    මේ වනවිට තෙල් සංස්ථාවට අයත් තෙල් බවුසරයක් හරහා කාන්දුවෙන ඉන්ධන ඉවත් කරමින් පවතී.

    ඒ අතරතුර නිලධාරීන් විසින් නළයේ අලුත්වැඩියා කටයුතු ද සිදුකරමින් ඇත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *